Assassin's Creed: Lineage Episode 03 Sinhala Subtitle
ඇසසියන් ක්‍රීඩ් කතා මාලාවේ අවසන් කතාව තමයි මේක. කලින් කතා බැලුවේ නැත්නම් මෙතනින් පලවෙනි කතාවන් මෙතනින් දෙවෙනි කතාවත් බලන්න පුලුවන්. දෙවෙනි කොටස ඉවර උනේ අර ලියුමේ හොර කොපියක් හදපු තැනින්නේ. එතන ඉඳන් ඉතිරි කතාව තමා මේකේ තියන්නේ. කතාවේ අවසානෙදි ගේම් එකට හොඳ ආරම්භයකුත් දීල තියනවා. ඔයාලම බලන්නකෝ. මීඩියාෆයර් දාල තියන්නේ සිංහල උපසිරසිත් එක්කම. ඉතින් ඩවුන්ලෝඩ් කරන් බලන්න කියලා ආරාධනා කරනවා. දැන් සම්පූර්ණ කතාවම තියනවනේ. බාගන්න ගමන් ක‘මෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.
මම ඉතින් මෙතන පොඩියට ආරම්භ කරපු TV Series වලට සබ් දැමිල්ල දැන් කවුරුත් කරනවා. ඒක නම් හරිම හොඳයි. මටත් පුලුවන්නේ මහන්සියක් නැතුවම ඕවා ඩවුන්ලෝඩ් කරන් බලන්න. තව තව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ. හොක් හොක්.
අපේ කට්ටියට ඕනෙ නම් සිංහල හඬ කවපු ටින් ටින් TV Series එක මට පුලුවන් දෙන්න. අර දකුණු අත පැත්තේ කෙලවරේ සිරස ලාංඡනේ එක්ක යූටියුබ් එකේ තියන ලෝ රෙසලුෂන් පට්ට චාටර් වීඩියෝ කෑලි ටික නෙමේ හොඳේ. මෙව්ව ඇවිල්ලා සිරස ලාංඡනේ නැති ඔරිජිනල් ඩුවල් ඕඩියෝ ඩීවීඩී රිප්. හෙහේ.. ඉතින් ඕනෙ නම් කියන්න. සැලකිය යුතු ප්‍රතිචාර ප්‍රමාණයක් තිබ්බොත් දෙන්නම්. මොකද මම නිකම් පණ දාගෙන අප්ලෝඩ් කරලා කවුරුවත් ගන්නේ නැත්නම් වැඩක් නෑනේ.. නේද?
හරි එහෙනම් Secret Circle අටවෙනි කොටසත් ඉක්මනටම දෙන පොරොන්දුව පිට මම යන්නම්.
මෙම උපසිරැසි ගොනුවෙහි සම්පූර්ණ කර්තෘ අයිතිය චතුර බුද්ධික සතුය. කර්තෘ විසින් මෙය ඔබට "නොමිලයේ" නිකුත් කර ඇත. එබැවින් මෙම ගොනුවෙහි මොනයම් අයුරකින් හෝ සංස්කරණ කටයුත්තක් කිරීම, සමකාලික කිරීම සහ කර්තෘගේ අනවසරයෙන් වෙනත් වෙබ් අඩවියක පලකිරීම සදාචාරසම්පන්න නොවේ. ඔබගේ වීඩියෝ ගොනුව සමඟ මෙම උපසිරැසි නිවැරදිව දර්ශණය නොවේ නම් කර්තෘ සමඟ සම්බන්ධ වීමෙන් අවශ්‍ය සංස්කරණ කටයුතු සිදුකරගත හැක.
E-Mail - chathu.buddi@gmail.com
Facebook - facebook.com/chathura.buddika
Assassin's Creed: Lineage Episode 03 Sinhala Subtitle
Reviewed by Unknown
on
4:36 AM
Rating:

This comment has been removed by a blog administrator.
ReplyDeleteubata asanipyakda ban blog wala awith moda jork denne
Deleteනෑ නෑ අද අප රටේ බ්ලොග් කාක්කන්ගේ සම්ප්‍රදායක් මේ වගේ මේනියා කාරයෝ තමයි වැඩියෙන් ඉන්නේ අවාසනාවකට ජාතික මට්ටමේ පරිගණක හා අන්තර්ජාල භාවිත පිලිබදව වූ සංගනනවල මේ පිරිසගේ ඔලුගෙඩිත් ගැනෙනවා
Delete@කුණුහරප Ano, ඔයගේ මානසික අසහනය නිවාගන්න මගේ blog එක පාවිච්චි කරන්න එපා. බලන් ගියාම දවස් ගනන් මහන්සි වෙලා උබලට සබ් දාල දෙන මටයි පිස්සු නිකම් අහක ඉන්න මගෙ අම්මට බැනුම් අහන්ට...
DeleteElaz
ReplyDeleteබොහොම ස්තුත්යි මචන් මම මේ බානව.වාපි ගැන හිතල උබ මේ කරන වැඩේ ගොඩක් අගය කරනවා.....
ReplyDeleteඅනේ මචන් දැන් දැක්කේ,, අනේ,,.. Tin Tin ඕන බන්.. මම ආසම series එකක් බන්.. plz.upload කරන්න බැරි නම් download කරන්න තැනක් වත් කියන්නකෝ..
ReplyDeleteDownload කරන්න තැන් නෑ බන්. TV එකෙන් Audio එක රෙකෝඩ් කරලා Synchonize කරන්නේ මමනේ. හොක් හොක්. හරි හරි මම අප්ලෝඩ් කරන්නම්.
Deleteනියමයි මල්ලි අනිවා ටින් ටින් දාන්න ඒක නම් ලොකු දෙයක් වෙයි :)
ReplyDeleteTin Tin දෙන්නෝ.....
ReplyDeleteටින් ටින් maxxxa aka aniwa denna kollo..bohoma pin aka denawa nam
ReplyDeleteටින් ටින් දෙනවා නම් මැක්සා මචෝ...... :)
ReplyDeleteNiyamai Kollo ElaKiri Wedak
ReplyDeleteDigatama Karagena Yanna
Ela kiri machoo... secret circle ekatat ikkmanata sub dhipan machooo.......
ReplyDeleteඅයියෝ ටින් ටින් දෙන්නද කියලා අහන්නත් දෙයක්ද සහෝ.. මම මේ බලාගෙන ඉන්නේ ටින් ටින් සිංහලෙන් හඬ කවපු ඒවා හොයාගන්නකන්.. සිරසේ ඒවා නම් එපා.. රූපවාහිනියේ ගිය එක නම් මට මතක විදිහට හොඳයි.. දෙකම එකද දන්නේ නැ.. කොහොම හරි කමක් නැ.. දෙන්නකෝ..ජය වේවා..
ReplyDeleteඔව් අර කැප්ටන්ගේ “බිබිලි නගින බෙලිකටු“ කියන එක සිරස ගියපු එකේ නෑ. ඒත් ඉතින් ජාතිකේ ගියේ අපි හෙන පොඩි කාලේ. ඒ කාලේ සවුන්ඩ් ට්‍රැක් රෙකෝඩ් කරනවා තියා කොම්පීටරයක් වත් අල්ලලා තිබ්බේ නැත්ද කොහෙද.. හොක් හොක්. සිරසේ සවුන්ඩ් ට්‍රැක් ටික තමා තියන්නේ. ඒ ටික දෙන්නම්. සයිස් එක තමා අවුල. එකක් 500MB. අප්ලෝඩින් ෆේල් වෙනවා. අපේ IT Unit එකේ පිහිටවත් පතලා බලන්න ඕනෙ!
Deleteබොහොම ස්තුත්යි
ReplyDeletesize eka adu karaganna puluwan..use MeGUI
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteBro assassin creed lineage complete 720p brrip ekata hariyana sinhala sub eka denna puluwanda....?
ReplyDeleteසුපිරි බ්‍රෝ....ටිං ටිං සෙට් එකත් දෙන්න.
ReplyDelete