Friday, August 23, 2013

Secret Circle Season 01 Episode 01 to 07 Sinhala Subtitle

ඉතින් යාලුවනේ ෆේස් බුක් හරහා සහ මගේ ඊමේල් ලිපිනයට නිතර නිතර ලැබෙන පණිවුඩ නිසා ඔන්න මම තීරණය කළා මේ සීරිස් එකේ ඉතිරි සබ් ටිකත් පුලු පුලුවන් වෙලාවට ඔයාලට ලබාදෙන්න. දැනට පරණ ලින්ක්ස් වැඩ කරන්නේ නැති නිසා මෙතෙක් නිකුත් වූ සියලුම උපසිරසි ගොනු පහත සබැඳියෙන් ගන්න පුලුවන්. අනික් ටිකත් අරන් එනකම් අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා.

Saturday, August 11, 2012

Highlander S02E09 - සිංහල දෙබසින් රසවත්ව


ඔන්න ඉතින් ඉඳලා ඉඳලා පොඩි අලුත් වැඩකට අත ගැහුවා. ජාතික රූපවාහිනියෙන් රෙකෝඩ් කරගත්ත Sound Track වගයක් තිබ්බා Highlander. ඉතින් ඔය ටික එකින් එක වීඩියෝ වලට සෙට් කරලා Dual Audio Clips විදියට පුලුවන් පුලුවන් වෙලාවට දෙන්නම් මම. මුලින්ම දෙන්න හිටියේ Tin Tin. ඒත් ඉතින් ලංකාවේ හයිස්පීඩ් ඉන්ටර්නෙට් වලට පිංසිද්ද වෙන්න ඒක අප්ලෝඩ් කරගන්න විදියක් නෑ. ඒක එක Episode එකක් 500MB තියෙනවා. මගේ කනෙක්ෂන් එකෙන් අප්ලෝඩ් කරන්න අමාරුයි. ඉතින් පුලුවන් ඉක්මනට ඒකත් දෙන්නම්.
හයිලෑන්ඩර් කතාව ගැන නම් කියන්න දෙයක් නැහැනේ. ඕක ටීවී එකේ පෙන්නපු කාලේ නොබලපු කෙනෙක් නැතුව ඇති. කතාවේ හැටියට හත්වන සියවසේ විවිධ ක්ෂේත්‍රවල දැනුම දියුණු කරලු අමරණීයයන් හිටියලු. ඉතින් බලයට කෑදර වෙච්ච මේ අය එකිනෙකාගේ දැනුම බලෙන් ගන්න සටන් වැදිලා තියනවා. තමන් නිසා සිද්ධ වෙන විනාසය දැකපු ඒ අය නැවතත් සටන් නොකරන්නට දිවුරුම් දෙනවා. ඒත් එක්කෙනෙක් හැර. ඒ තමයි කෝටෑන්. එයා මේ දිවුරුම් දීමට එකඟ වෙන්නේ නැතිව බලය වෙනුවෙන් සටන් කරමින් කෘර පාලනයක් ගෙනියනවා. ඉතින් කෝටෑන් එක්ක සටන් කරලා එයාව පරද්දන්න පුලුවන් වීරයෙක් හත්වෙනි සියවසේ අගභාගයේ බිහිවෙනවා. ඒ තමයි ක්වින්ටන් මැක්ලොව්ඩ් හෙවත් හයිලෑන්ඩර්. මේ ටීවී සීරිස් එකේ තියන්නේ හයිලෑන්ඩර්, එහෙම නැත්නම් මැක්ලොව්ඩ් පරපුරේ අන්තිමයා, මුලින් කියපු අමරණීයයන්ගේ දැනුම ලබාගෙන කෝටෑන්ට එරෙහිව සටනට සූදානම් වෙන හැටි.
සීරිස් එකේ සම්පූර්ණයෙන්ම කතා 40ක් තියනවා. කතා හතලිහ පුරාවටම තියන්නේ හයිලෑන්ඩර් විවිධ ක්ෂේත්‍ර වල නිපුණයන් හම්බෙලා එයාලගෙ දැනුම ලබාගන්න හැටි. මගේ ලඟ කතා හයකට සිංහල සවුන්ඩ් ට්‍රැක්ස් තියනවා. මම ඒවා පුලුවන් වෙලාවට අප්ලෝඩ් කරන්නම්. ඉතින් මේ කතාවත් බලන්න කියලා ආරාධනා කරනවා. කතා 40ම බලන්න කැමති අයට ඉංග්‍රීසියෙන් හඬකවපු සීරිස් එකේ ටොරන්ට් ලින්ක් එකත් දීල ඇති.
මම මේක සිංහල සවුන්ඩ් ට්‍රැක් එක වෙනම එඩිට් කරලා mp4 ෆයිල් එක ඇතුලට නිකම් පැක් කරලා තියන්නේ. වීඩියෝ එඩිට් කරලා නෑ. ඒ නිසා ටොරන්ට් එකේ වීඩියෝ කොලිටිය චුට්ටක්වත් අඩු නැතුව ඒ විදියටම සිංහල එකෙත් ඇති. අනික ෆයිල් එක ඩුවල් ඕඩියෝ. කැමති නම් ඉංග්‍රීසි සවුන්ඩ් ට්‍රැක් එක සිලෙක්ට් කරන් උනත් බලන්න පුලුවන්.

Wednesday, August 1, 2012

Assassin's Creed: Lineage Episode 03 Sinhala Subtitle

ඇසසියන් ක්‍රීඩ් කතා මාලාවේ අවසන් කතාව තමයි මේක. කලින් කතා බැලුවේ නැත්නම් මෙතනින් පලවෙනි කතාවන් මෙතනින් දෙවෙනි කතාවත් බලන්න පුලුවන්. දෙවෙනි කොටස ඉවර උනේ අර ලියුමේ හොර කොපියක් හදපු තැනින්නේ. එතන ඉඳන් ඉතිරි කතාව තමා මේකේ තියන්නේ. කතාවේ අවසානෙදි ගේම් එකට හොඳ ආරම්භයකුත් දීල තියනවා. ඔයාලම බලන්නකෝ. මීඩියාෆයර් දාල තියන්නේ සිංහල උපසිරසිත් එක්කම. ඉතින් ඩවුන්ලෝඩ් කරන් බලන්න කියලා ආරාධනා කරනවා. දැන් සම්පූර්ණ කතාවම තියනවනේ. බාගන්න ගමන් ක‘මෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.
මම ඉතින් මෙතන පොඩියට ආරම්භ කරපු TV Series වලට සබ් දැමිල්ල දැන් කවුරුත් කරනවා. ඒක නම් හරිම හොඳයි. මටත් පුලුවන්නේ මහන්සියක් නැතුවම ඕවා ඩවුන්ලෝඩ් කරන් බලන්න. තව තව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ. හොක් හොක්.
අපේ කට්ටියට ඕනෙ නම් සිංහල හඬ කවපු ටින් ටින් TV Series එක මට පුලුවන් දෙන්න. අර දකුණු අත පැත්තේ කෙලවරේ සිරස ලාංඡනේ එක්ක යූටියුබ් එකේ තියන ලෝ රෙසලුෂන් පට්ට චාටර් වීඩියෝ කෑලි ටික නෙමේ හොඳේ. මෙව්ව ඇවිල්ලා සිරස ලාංඡනේ නැති ඔරිජිනල් ඩුවල් ඕඩියෝ ඩීවීඩී රිප්. හෙහේ.. ඉතින් ඕනෙ නම් කියන්න. සැලකිය යුතු ප්‍රතිචාර ප්‍රමාණයක් තිබ්බොත් දෙන්නම්. මොකද මම නිකම් පණ දාගෙන අප්ලෝඩ් කරලා කවුරුවත් ගන්නේ නැත්නම් වැඩක් නෑනේ.. නේද?
හරි එහෙනම් Secret Circle අටවෙනි කොටසත් ඉක්මනටම දෙන පොරොන්දුව පිට මම යන්නම්.

Assassin's Creed: Lineage Episode 02 Sinhala Subtitle

මේකේ පලවෙනි කොටස බලන්න ඇතිනේ. බැලුවේ නැති අය ඉන්නවා නම් මෙන්න මෙතනින් ගිහින් බලන්න. මතකනේ, මිලානෝ වල ආදිපාද තුමා ඝාතනය කලා. ඒත් එක්කම කුමන්ත්‍රණය ගැන හෝඩුවාවක් ජොවානිට හම්බුනා. එතනින් තමා කතාව ඉවර උනේ. ඉතින් එතන ඉඳන් කතාව සිංහල උපසිරසිත් එක්ක ඔන්න අද ගෙනත් තියෙනවා. කතාව පුලුවන් තරම් අඩු සයිස් කොපියක් අප්ලෝඩ් කරන්න උත්සාහ ගත්තා මම. ඩවුන්ලෝඩ් කරන්නත් ලේසියිනේ එතකොට.Secret Circle අටවෙනි කොටසත් ඉක්මනටම දෙන්නම්. ඒකේ තව ලයින් 100ක් වගේ තමා දාන්න තියන්නේ. වැඩි කතා ඕනෙ නෑනේ. පළවෙනි කොටස බලපු අය දන්නවා මේක හොඳ විත්තිය. ඔන්න තියනවා ලින්ක් එක. බාගන්නකෝ. බාගන්න ගමන් ක‘මෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.