The Magicians Complete Season 01 Sinhala Subtitles


ඉතින් ගොඩක් කාලෙකට පස්සේ මේ දෙන්න යන්නේ SyFy නාලිකාවේ විකාශය වෙච්ච The Magicians කියන කතා මාලාවේ පලවෙනි කතා සමයේ සිංහල උපසිරසි. ඔක්කොම උපසිරසි එකවර නිකුත් කරලා තියන නිසා එක දිගට බලන් යන්න පුළුවන්.

මේ කතා මාලාවට පදනම් වෙලා තියන්නේ ලෙව් ග්රොස්මන් කියන ලේඛකයා ලියපු The Magicians කියන නව කතාව. 2015 මැයි වල විකාශය වෙන්න පටන් ගත්ත මේ කතා මාලාව දැනට කතා සමයන් දෙකක් වෙනකම් විකාශය කරලා තියනවා. ඒ වගේම මේ කතා මාලාවේ සාර්ථකත්වය නිසාම SyFy නාලිකාව තුන්වෙනි කතා සමයකුත් ඊළඟ අව්රුද්දෙ විකාශය කරන්න තීරණය කරලා තියනවා. IMDB මීටරේ 7.5 කට කැරකෙච්චි මේ කතා මාලාව Drama, Fantasy, Horror විදියට තමයි වර්ගීකරණය කරලා තියන්නේ. කතා මාලාවේ ගොඩක් කතා PG-14 විදියට තම වර්ග කරලා තියන්නේ. ඒ කියන්නේ ඔයා අවරුදු 14න් පහල කෙනෙක් නම් මේ කතා මාලාව බලන්න සුදුසු නැහැ.

කතාව ගැන කෙටියෙන් කියනවා නම් ක්වන්ටින් කෝල්ඩ්වෝටර් ට පුළුවන් වෙනවා බ්රේක් බිල්ස්  මයා පාසලට ඇතුලත් වෙන්න. නමුත් එයාගේ පොඩි කාලේ ඉදන් යාළුවා වුන ජුලියාට පුළුවන් වෙන්නේ නැහැ මේ පාසලට බඳවාගැනීමේ පරීක්ෂණයෙන් සමත් වෙන්න. ඒ නිසා ඇගේ බ්රෙක්බිල් සහ පරීක්ෂණය ගැන මතකයන් මකා දමන්න එයාල තීරණය කරනවා. එත් ජුලියා කොහොම හරි මේ ගැන හෝඩුවාවක් ඉතුරු කරගන්නවා. ඉතින් ඔය විදියට තමයි කතාව පටන් ගන්නේ.

එහෙනම් කතාව බලල හොද නරක comment එකකුත් දාල යන්න. ඊළඟ season එකත් අරන් ඉක්මනින් හමුවෙන්නම්.




මෙම උපසිරසි The Magicians - Season 1 - 720p BluRay - x264 - ShAaNiG පිටපත සඳහා අදාළ වේ.
(Torrent Hash : 2893CB798004F48BAF93B04EF7ADEA4ABFFBD2A0)


The Magicians Complete Season 01 Sinhala Subtitles The Magicians Complete Season 01 Sinhala Subtitles Reviewed by චතුර බුද්ධික on 2:45 AM Rating: 5

1 comment

  1. meke season 2 eke sub denne kawadda sahoo.thnx sabata

    ReplyDelete