Assassin's Creed: Lineage Episode 01 Sinhala Subtitle
පහෙලාස්වන සියවසේ ඉතාලිය, පුනරුදය සිදුවූ වකවානුව මිනිස්සු පුනර්ජීවය ලැබූ කාලයක්. කොහොම උනත් කලයුතු නිවැරදි දේ පිළිබඳ දැක්මෙහි වර්ධනයක් වෙමින් තිබුනා. ඒ අතරේ එක්සත් ඉතාලිය විනාශ කිරීමටත්, බලවත් මෙඩිචි රාජවංශය පරාජය කිරීමටත් එක් දූෂිත පවුලක කුමන්ත්‍රණයක් සිදුවෙමින් තිබුනා. ඒත් පුරාණ ඇදහීම් අනුගමනය කරමින් තවමත් යුක්තිය වෙනුවෙන් සටන් කළ පිරිසක් ඉතිරිව හිටියා. ජොවානි ඔඩිටෝරි, අපේ කතාව පටන් ගන්නේ අන්න එතනින්...
ගේම් එක ගහපු ඕනෙ කෙනෙක් දන්නවා ඇතිනේ එත්සියෝ. අන්න එයගේ තාත්තා තමයි ජොවානි ඔඩිටෝරි කියන්නේ. මේ සීරිස් එකේ තියන්නේ එයාගේ කතාව. UBISOFT එකෙන් හදපු එකම ටීවී සීරිස් එක මේක. Assassin's Creed 2 ගේම් එකට පූර්විකාවක් විදියට තමා හදල තියන්නේ.
හ්ම්ම්ම්... ටීවී සීරිස් බල බලා ඉන්නකොට කතා තුනකින් ඉවර කරපු මිනි ටීවී සීරිස් එකක් හම්බුනා. ඉතින් චුට්ටි එකක් නිසා Secret Circle බලන අතරේ මේකටත් සබ් එකක් දාන්න හිතුවා. ඔන්න ඒක තමා මේ. බලන්නකෝ එහෙනම්. සබ් එකත් එක්ක කතාව ඔන්න මීඩියාෆයර් වලට දැම්මා. කට්ටිය කැමතියිනේ මීඩියාෆයර් ගන්න. ආ.. කියන්නත් බැරිඋනානේ.. කවුරුත් දන්නවනේ ෆිල්ම් වගේ දේවල් මීඩියාෆයර් දැම්මම ලින්ක් ඩිලීට් කරනවා. මගෙ ටිකිරි මොලේට කල්පනා උනා ඕකට සෝක් බේතක්. ෆයිල් එකේ නම සිංහලෙන් දැම්මම ඒවා හොයාගන්න බෑ. එතකොට ඩිලීට්වෙන්නේ නෑ. හොක් හොක්. කෝමද වැඩේ?
හරි හරි කතා ඇති. ඔන්න තියනවා ලින්ක් එක. බාගන්නකෝ. බාන ගමන් ඔය පහලින් තියන වීඩියෝ එකත් බලන්ට.
මෙම උපසිරැසි ගොනුවෙහි සම්පූර්ණ කර්තෘ අයිතිය චතුර බුද්ධික සතුය. කර්තෘ විසින් මෙය ඔබට "නොමිලයේ" නිකුත් කර ඇත. එබැවින් මෙම ගොනුවෙහි මොනයම් අයුරකින් හෝ සංස්කරණ කටයුත්තක් කිරීම, සමකාලික කිරීම සහ කර්තෘගේ අනවසරයෙන් වෙනත් වෙබ් අඩවියක පලකිරීම සදාචාරසම්පන්න නොවේ. ඔබගේ වීඩියෝ ගොනුව සමඟ මෙම උපසිරැසි නිවැරදිව දර්ශණය නොවේ නම් කර්තෘ සමඟ සම්බන්ධ වීමෙන් අවශ්‍ය සංස්කරණ කටයුතු සිදුකරගත හැක.
E-Mail - chathu.buddi@gmail.com
Facebook - facebook.com/chathura.buddika
Assassin's Creed: Lineage Episode 01 Sinhala Subtitle
Reviewed by Unknown
on
3:55 AM
Rating:

අඩේ පට්ට මචන්.. ඌබ නම් එලමකිරි ඩයල් එකක්... බෝම පිo..
ReplyDeleteබොහොම ඉස්තුතියි චතුර
ReplyDeleteජයෙන් ජය~!
Maxza Bro
ReplyDeleteනියමයි යාළුවා...ගොඩක් ස්තූතියි...:)
ReplyDeleteEla Kiri Bro.
ReplyDeletethanks kollo..........
ReplyDeleteපට්ට........ආ.......!
ReplyDeleteඑළකිරි ටීවි සීරියස් එකක් මචං....
ReplyDeleteමමත් දෙවන සිංහල උපසිරැස දුන්නා. ඒක තමයි රොස්වෙල්.
http://tvserieslk.blogspot.com/2012/07/roswell-season-1.html
එලස් මේකෙන් තමා දැන ගත්තේ බොහොම ඉස්තූතී සහෝ ඒ වැඩේටත්
Deleteගොඩක් ස්තූතියි.දිගටම කරගෙන යන්න.ගොඩක් ස්තූතියි.
ReplyDeleteඅනේ චතුර අයියේ, සිංහල උපසිරැසි ගොනුව වෙනම දෙන්න පුළුවන් ද? මේ කතාව මං ගාව තියෙනවා. ආයෙත් වතාවක් බාගන්න විදිහක් නැහැ. ඔයා දන්නවනේ අපේ රටේ අන්තර්ජාල පහසුකම් ගැන. අනේ මං ටීවී සීරීස් හරි ආසාවෙන් බලනවා සිංහලෙන්ම ඔයාගේ බ්ලොග් එක හින්දා. දිගටම මේ විදිහට දෙන්න එපා. උපසිරැසි හොරු හින්දා නම් මේ විදිහට කලේ .sub විදිහට උපසිරැසි ගොනුව දෙන්න. ඔයාට මං කියන දේ තේරෙනවා කියල හිතනවා. අපි දන්නවා ඔයා හුඟාක් මහන්සි වෙනවා කියලා මේවා අපිට දෙන්න. අනේ ඒත් මේ විදිහට වීඩියෝ එකත් එක්කම දෙන්න එපා. වෙනම දෙන්න කලින් වගේ. ඔයා හින්දා Fringe, Secret Circle ආසාවෙන් බලනවා. මං ඒවගේ ඉතුරු කොටස් ටිකත් බාගෙන ඉන්නේ අයියා උපසිරැසි දුන්නම බලන්න. හුඟක් ස්තූතියි මේ වැඩේට. ඔයාට පුළුවන් නම් වෙනම දෙන්න උපසිරැසි ගොනුව. ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න පතනවා. බුදු සරණයි!
ReplyDeleteඔයා ඩවුන්ලෝඩ් කළ කොපි එකේ නම මෙතන පෝස්ට් කරන්න
Deleteඅදයි මේ පැත්තේ ආවේ. හුඟක් ස්තූතියි මගේ කොමෙන්ටුවට රිප්ලයි කලාට. අයියේ මෙන්න මේ බ්ලොග් ඒකෙන් කොටස් තුනම බාගත්තේ.
Deletehttp://singlelinkzone.blogspot.com/2011/12/assassins-creed-lineage-season-1.html
File names:
Assassins Creed Lineage S01 E01 (MyBiSeda).mkv
Assassins Creed Lineage S01 E02 (MyBiSeda).mkv
Assassins Creed Lineage S01 E03 (MyBiSeda).mkv
ඔයා ඉතුරු කොටස් දෙකටත් උපසිරස දීල. එකට ස්තූතියි. අනේ ඒත් පුළුවනි නම් මට උපසිරසි වෙනම ගන්න හදල දෙන්න. අයියේ Fringe වලටත් උපසිරසි දෙන්න ඉක්මනටම. ඒක නියමම කතාව. ඉංග්‍රීසියෙන් බැලුවට සිංහලෙන් ආයෙත් බලන්න බලන් ඉන්නේ අයියා උපසිරසි දෙනකන්. ඔයාගේ මේ වැඩේට හුඟක් ස්තූති කරනවා. දැන් බයිස්කෝප් එකෙනුයි සූම් එකෙනුයි TV Series වලට උපසිරසි දෙන්න පටන් අරන්. ඒත් ඔයා මේ වැඩේ අතාරින්න එපා. දිගටම කරගෙන යන්න. ස්තූතියි අයියේ.
මචං තුති, එල.
ReplyDeleteඅර අපේ ගතියක් තියනවනෙ එකෙක් බත් කඩයක් දාල නැගල යනව දැක්කම වටේම ඉන්න එවුන් බත් කඩ දානව. තමුං හිතල කිසි දෙයක් කරන්නෙනෑ. අන්තිමට එකෙකුටවත් වැඩක් නෑ. ලොකු මුදලාලිල ඉන්නව පේමන්ට් එකේ එකෙක් රෙදි විකුනනව දැක්කම ඌත් පේමන්ට් එකට රෙදි ටිකක් දානව. උගෙ බිස්නස් වල හැටියට ඒ රෙද්දෙන් ඇති පලකුත් නෑ. ඒත් අරූට කෙලවන්න ඕන නිසා දානව.
ඒ වගේ දැං ටීවී සීරීස් වලටත් ඔන්න හතු පිපෙනව. පොඩි පොඩි මුදලාලිලයි ලොකු ලොකු මුදලාලිලයි හැමෝම දැන් උඹ පටන්ගත්ත එක පතුරු ගහනව. උඹ පාඩුවෙ කවුරුවත් අත නොගහපු එකක් කරගෙන හිටිය. මාර රටක් මේක නැද්ද?
නෑ නෑ ඔක්කොම ආවා. ඔන්න අනික් දෙකත් දැම්මා.
ReplyDeleteMachan link eka ko bn?
ReplyDeleteAssassin creed lineage episode 1 2 3 dunnata thanks sahoo,
ReplyDeleteaniwa me kotas tuna download karanawa.... :)
puluwan nan sahoo assassin creed lineage complete full movie ekata hariyana sinhala sub eka denna puluwanda....?
man lineage complete eka aragena sinhala sub eka ganna yana kota link eka block karala :(
dan sinhala sub natuwa balanna vidihak nah bro....
plazzzz link ekak denna puluwanda....?
Supiri mcn thanks
ReplyDelete