Secret Circle Season 01 Episode 02 Sinhala Subtitle




කලින් කොටස මතක ඇතිනේ. බැලුවෙ නැත්නම් මෙන්න මෙතනින් අරගෙන බලන්න. කැසී බ්ලේක්ගේ අම්මගේ මරණයෙන් පස්සෙ ඇය තමන්ගෙ ආච්චි අම්මගේ ගෙදර පදිංචියට එනවා. අලුත් ඉස්කෝලෙදි ඩයනා, ඇඩම්, ෆේයි වගේ අලුත් යාලුවො හම්බෙනවා වගේම තමනුත් තමන්ගෙ යාලුවොත් අනෙක් අයගෙන් වෙනස් කියලත් කැසී දැනගන්නවා. ඒ වෙනස තමයි ඇය මායා කවයකට අයිති බව. ඇගේ තාත්තාගේ මරණයට හේතුවත් මේ අතරෙ ටිකෙන් ටික එලි වෙනවා. ඉතින් කලින් කතාවෙදි ෆේයි ඇතිකරපු කුණාටුව නතර කරගන්න බැරුව කැසී උදව් කරපු හැටිත්, කවයට බැඳෙන්න ඩයනා කරන ඉල්ලීමට කැසී අකමැති වුන හැටිත් මතක ඇකිනේ. කැසී තමන්ගෙ පවුලට අයිති මායා පොත හොයා ගන්න තැනින් තමයි කලින් කතාව ඉවර උනේ...
ඔන්න කතා මාලාවේ දෙවන කොටසත් සිංහල උපසිරසිත් එක්කම අරන් ආවා. ඇඩම්ගෙයි ඩයනගෙයි යාලුකමට ඩයනා මොන විදියට ප්‍රතිචාර දක්වයිද? ඉස්කෝලෙ විදුහල්පති, එහෙම නැත්නම් ෆේයිගේ අම්මා මොන වගේ කෙනෙක්ද? ඇඩම්ගේ තාත්තා කැසීට කියන්න හදන්නේ මොනවද? කැසී කවයට බැඳෙන්න කැමති වෙයිද? මේවට උත්තර හොයා ගන්න නම් කතාව බලන්නම වෙනවා.
ඩිරෙක්ට් ලින්ක් එකේ 150MB කොපියත් ටොරන්ට් ලින්ක් එකේ 350MB කොපියත් තියෙනවා. ඒ දෙකට වෙන වෙනම සබ් ෆයිල් දෙකකුත් නිකුත් කරලයි තියන්නේ. අමතර කට්ටක් උනත් සමහර ඩිරෙක්ට් ලින්ක් ටික කාලෙකින් නැතිවෙන හින්ද වැඩිපුරම සීඩ් තිබ්බ ටොරන්ට් කොපියටත් සබ් එක ආයෙත් හැදුවා. කොපි දෙකේම කොලිටියෙ නම් වෙනසක් නෑ.
මේ කතා මාලාව ඉවර වෙනකම් සබ් දාන්න කියලා මාව දිරිගන්වපු විකියා සහෝටත් බොහොම ස්තුතියි. තව දෙයක්, මේ දේ කරන්නෙ අන්තර්ජාලයට ගුණාත්මක යමක් එකතු කරලා සිංහල යුනිකේත සහ සිංහල භාෂාවට තැනක් ලබාදෙන හැඟීමෙන්. ඉතින් ඒ වෙන මහන්සිය සාර්ථකද කියලා වචනයක් දෙකක් සටහන් කරලා යන්නත් අමතක කරන්න එපා.
ප.ලි. - ඩිරෙක්ට් ලින්ක් ඉවත්කර ඇති බැවින් jumbofiles ලින්ක්ස් වලට යාවත්කාලීන කරන ලදී.




මෙම උපසිරැසි ගොනුවෙහි සම්පූර්ණ කර්තෘ අයිතිය චතුර බුද්ධික සතුය. කර්තෘ විසින් මෙය ඔබට "නොමිලයේ" නිකුත් කර ඇත. එබැවින් මෙම ගොනුවෙහි මොනයම් අයුරකින් හෝ සංස්කරණ කටයුත්තක් කිරීම, සමකාලික කිරීම සහ කර්තෘගේ අනවසරයෙන් වෙනත් වෙබ් අඩවියක පලකිරීම සදාචාරසම්පන්න නොවේ. ඔබගේ වීඩියෝ ගොනුව සමඟ ‍මෙම උපසිරැසි නිවැරදිව දර්ශණය නොවේ නම් කර්තෘ සමඟ සම්බන්ධ වීමෙන් අවශ්‍ය සංස්කරණ කටයුතු සිදුකරගත හැක.
E-Mail - chathu.buddi@gmail.com
Facebook - facebook.com/chathura.buddika
Secret Circle Season 01 Episode 02 Sinhala Subtitle Secret Circle Season 01 Episode 02 Sinhala Subtitle Reviewed by Unknown on 3:45 AM Rating: 5

12 comments

  1. පලමු එකත් බැලුවා මැක්සා....මේ කතා සෙට් එකටම දෙන්න...
    එහෙනම්.... බොහෝමත්ම තුති සහෝ
    ජයෙන් ජය~~!

    ReplyDelete
  2. මමත් අනිවා බලනවා සහෝ ඔක්කොටම සබ් දෙන්න.. බොහොම ස්තුතියි..

    ReplyDelete
  3. සහෝ තව පට්ට කාතාවක් යනවා මේ දවස් වල The River (TV Series 2012) කියලා. එකටත් සබ් පාරක් දානවනම් මරු මලයෝ. Secret Circle එකත් පට්ට කාතාව ඔන්න අද 18 වැනි කොටසත් රිලිස් වුනා. මම හිතන්නේ මේ පලමු වතාව තමයි TV Series වලට සබ් දාන බ්ලොග් එකක් සෙට් උනේ. මම දැක්කේත් Wikiya ගේ FB Status එකකින්. එහෙනම් දිගටම මේ වැඩේ කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථානා කරනවා.

    ReplyDelete
  4. අනිත් සෙට් එකටත් දෙන්න සහෝ.
    මේක වටින වැඩක්....

    ReplyDelete
  5. පුළුවන් නම් gmail subscribe එකක් බ්ලොග් එකට දාන්න බලන්න.

    ReplyDelete
  6. දිගටම මේ වැඩේ කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථානා කරනවා.!!
    ඔක්කොටම සබ් දෙන්න.. බොහොම ස්තුතියි..!!!!
    ජයෙන් ජය..මලයෝ

    ReplyDelete
  7. එලකිරිනේ...
    මේ විදිහට TV Series වලට සිංහල දෙන එකට ගොඩාක් ටැන්කූ
    වටින වැඩක් කොල්ලෝ!
    දිගටම කරගෙන යන්න
    පොඩි පොඩි ප්‍රශ්න ගණං ගන්නෙපා
    ඒවත් හරි ගස්සගෙන ඉස්සරහට යං....
    ජය!

    ReplyDelete
  8. jayaweawa....me wede digatama karaganayanna.mage unusum suba oathum.jayaweawa....

    ReplyDelete
  9. මචන් පට්ට වැඩක් ඒත් සබ් බාගන්න බැහැ..email me
    inranasingha@gmail.com

    ReplyDelete
  10. machan sub wala direct link denna

    ReplyDelete