Fringe Complete Season 01 Download Links



කණගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ මේ සතියේ අවුරුදු වැඩත් එක්ක උපසිරසියක් දාගන්න වෙලාවක් තිබුනේ නෑ. ඉතින් එහෙමයි කියලා බ්ලොග් එක බලන්න ආපු ඔයාල හිස් අතින් යවන්නත් බැරි නිසා මම තවත් එක සුපිරි කතා මාලාවක Direct Download Links ටිකත් අරන් තමා ආවේ. වෙනද වගෙම තමා. ක්ලික් කරපු ගමන් බෑවෙනවා. ඇඩ් උඩ ක්ලික් කරකර ඉන්නයි, විනාඩි ගනන් බලන් ඉන්නයි අනං මනං මුකුත් නෑ. ඒ වගෙම Resume කරන්නත් පුලුවන්.
සාමාන්‍ය විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි සිදුවීමක් හෙවත් අසාමාන්‍ය FBI පරීක්‍ෂණ සම්බන්ධව කටයුතු කරන්නෙ  Fringe කලාපය. බ්‍රොයිස්, එයා තමයි Fringe කලාපය භාරව ඉන්නේ. කතාවේ ප්‍රධාන චරිතය එහෙම නැත්නම් Fringe කලාපයේ හොඳම FBI නිලධාරිනිය ඔලීවියා දුනැම්. පරීක්‍ෂණ විසඳන්න හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෝල්ටර් බිෂොප්, එයාගෙ පුතා පීටර් බිෂොප්, ඒ වගෙම විද්‍යාගාර සහයක ඇස්ට්‍රිඩ් කියන අයත් සහය වෙනවා. වෝල්ටර් කියන්නේ අමුතු චරිතයක්. ඒ වගේම ඉතා බුද්ධිමත්. ඒ බව ඔයාල කතාව බලනකොට තේරෙයි.
ඔය කිව්ව විදියට දවස ගානෙ සිදුකරන පරීක්‍ෂණ වලට අමතරව තවත් සිත් ඇදගන්නා කතාවක් යටින් යනවා. ඒ අපේ විශ්වයට සමාන්තර තවත් විශ්වයක් ගැන. කතා මාලාවෙ පැහැදිලි කරන විදියට සමාන්තර විශ්වයක් කියන්නෙ ත්‍රිමාණයෙන් ඔබ්බට ගිය තවත් මානයක් ඔස්සේ හරියටම අපේ විශ්වයට සමාන්තරව නිර්මාණය වූ විශ්වයක්. ඒ විශ්ව දෙක භෞතික වශයෙන් බොහෝ දුරට සමාන වෙන්න ඕනෙ. නමුත් ඒවයෙ ජීවත් වෙන මිනිස්සුන්ගේ එකිනෙකට වෙනස් තෝරාගැනීම් නිසා සුලු වෙනස්කම් වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට මමයි සමාන්තර විශ්වයක ඉන්න මගේ සංස්කරණයකුයි කරන්නෙ එකම ස්ථානයේ. නමුත් රැකියාව වෙනස්. ඒ වගේ. කතාවට මුල් වෙලා තියන්නෙ වෝල්ටර් අතින් වෙච්ච වැරැද්දක්. වෝල්ටර් තරුණ කාලේ මේ විශ්ව හරහා ගමන් කරන්න පුලුවන් ක්‍රමයක් නිර්මාණය කරනවා. ඒ එක්තරා යහපත් බලාපොරොත්තුවක් වෙනුවෙන්. නමුත් කරන වැඩේ නිසා විශ්වයේ පවතින ස්වභාවික සමතුලිතතාවය බිඳවැටෙන බව තේරුම් යනකොට වෝල්ටර් පරක්කු වැඩියි. හරියටම කියනවා නම් විශ්වයේ සිදුවන සෑම දෙයක්ම සිදුවෙන්නේ මොකක් හරි හේතුවකට. ස්වභාවිකව සිදුවන ක්‍රියාවලිය වෙනස් කරලා ස්වභාවධර්මයට අභියෝග කරන්න විද්‍යාව යොදාගන්න තැනැත්තට ස්වභාවධර්මයෙන්ම දඩුවම් ලැබෙනවා.
වෝල්ටර්ගේ බිරිඳට මොකද වුනේ? වෝල්ටර් විශ්ව හරහා ගමන් කරන තාක්ෂණයක් නිර්මාණය කරන්නේ ඇයි? පීටර් බිෂොප් කියන්නේ ඇත්තටම කවුද? මැසිව් ඩයිනමික් මඟින් ඔවුන්ට සඟවන රහස කුමක්ද? සමාන්තර විශ්ව අතර යුද්ධයක් ඇතිවුවොත් කුමක් වේද? මේවා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා...

පළමු කතා මාලාව
(ඩවුන්ලෝඩ් ලින්ක් එක කොපි කරලා කෙලින්ම IDM එකට පේස්ට් කරන්න)

Fringe S01E01.mkv


Fringe S01E02.mkv


Fringe S01E03.mkv


Fringe S01E04.mkv


Fringe S01E05.mkv


Fringe S01E06.mkv


Fringe S01E07.mkv


Fringe S01E08.mkv


Fringe S01E09.mkv


Fringe S01E10.mkv


Fringe S01E11.mkv


Fringe S01E12.mkv


Fringe S01E13.mkv


Fringe S01E14.mkv


Fringe S01E15.mkv


Fringe S01E16.mkv


Fringe S01E17.mkv


Fringe S01E18.mkv


Fringe S01E19.mkv


Fringe S01E20.mkv



එහෙනම් මේ කතාවෙ දෙවන කතා මාලාවට ලින්ක්ස් වෙනත් දවසක අරන් එන්නම්. ලබන සතියේ සිකුරාදා මම එන්නේ Secret Circle හතරවන කොටස සිංහල උපසිරසිත් අරගෙන. ලැබුවා වූ නව අවුරුද්ද හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනෙ. ගිහින් එන්නම්...

Fringe Complete Season 01 Download Links Fringe Complete Season 01 Download Links Reviewed by Unknown on 5:00 AM Rating: 5

11 comments

  1. බර අඩු Direct Download Links දෙන එකනම් හුඟක් වටිනව. දිගටම මේ වැඩේ කරගෙන යමු.....

    ReplyDelete
  2. ela ela... anik ayge sathuta wenuwen obe kalaya kapa karana oba gana mata bohoma adambarai.. api balagena innawa onna sikurada wenakan

    ReplyDelete
  3. ලින්ක් වැඩ කරන්නේ නැහැ සහෝ

    ReplyDelete
    Replies
    1. ඉක්මනට හදන්නම්. කැමති නම් ටොරන්ට් එකෙන් ගන්න.
      http://1337x.org/torrent/93790/Fringe-Season-1-Complete-DVDRip-x264-MKV-by-RiddlerA/

      Delete
  4. සබැඳියන් යාවත්කාලීන කර ඇත.

    ReplyDelete
  5. කෝ මචං 20යි නෙ තියෙන්නෙ.ඉතුරු දෙක කෝ

    ReplyDelete
    Replies
    1. පලවෙනි සීසන් එකේ 20යි තමා තියන්නේ

      Delete
  6. Replies
    1. හුටා සොරි ඈ...අනිකත් එක්ක මාරු වෙලාද කොහෙද

      Delete
  7. Fringe Season 1 කොටස් වල නම්ස්,ඕන අයට,රීනේම් කරගන්නවනම්

    Fringe - [1x01] - Pilot.mkv
    Fringe - [1x02] - The Same Old Story.mkv
    Fringe - [1x03] - The Ghost Network.mkv
    Fringe - [1x04] - The Arrival.mkv
    Fringe - [1x05] - Power Hungry.mkv
    Fringe - [1x06] - The Cure.mkv
    Fringe - [1x07] - In Which We Meet Mr. Jones.mkv
    Fringe - [1x08] - The Equation.mkv
    Fringe - [1x09] - The Dreamscape.mkv
    Fringe - [1x10] - Safe.mkv
    Fringe - [1x11] - Bound.mkv
    Fringe - [1x12] - The No Brainer.mkv
    Fringe - [1x13] - The Transformation.mkv
    Fringe - [1x14] - Ability.mkv
    Fringe - [1x15] - Inner Child.mkv
    Fringe - [1x16] - Unleashed.mkv
    Fringe - [1x17] - Bad Dreams.mkv
    Fringe - [1x18] - Midnight.mkv
    Fringe - [1x19] - The Road Not Taken.mkv
    Fringe - [1x20] - There s More Than One of Everything.mkv

    ReplyDelete