Secret Circle Season 01 Episode 04 Sinhala Subtitle



පහුගිය දවස් ටිකේ ගොඩ ගැහිලා තිබුන වැඩත් එක්ක උපසිරසිය ටිකක් ප්‍රමාද උනා. ගිය සති දෙකේ සයිට් කට ආපු හැමෝම ඒ ගැන සමාවෙන්න ඕනෙ. මොනා උනත් ඒ ඒ වැඩේට වැදගත්කම අනුව මුල් තැන දෙන්න එපැයි. හරි, කලින් කතා බලපු නැති අයට පලමු කතාව මෙතනිනුත්, දෙවන කතාව මෙතනිනුත්, තුන්වන කතාව මෙතනිනුත් බලන්න පුලුවන්. අන්තිමට උනේ මොකද කියලා මතක ඇතිනේ.
බෝට් යාඩ් එකේදි කැසීට සැක්රි ලාසන් කියලා මිනිහෙක් හම්බෙනවා. එයා කැසීගෙ පස්සෙන් පන්නනවා විතරක් නෙවෙයි, කැසීට බරපතල චෝදනාවකුත් කරනවා. ඒ තමයි කැසීගෙ අම්මා තමන්ගෙ පෙම්වතිය වෙන හෙදර් බාන්ස්ට මරණයටත් වඩා නරක දෙයක් කළා කියන එක. අන්තිමේදි කැසීව මරන්න එන සැක්රි ලාසන්ව මායා බලය පාවිච්චි කරලා පාලනය කරගන්න යාලුවො ටිකට පුලුවන් උනාට, හෙදර් බාන්ස්ට තමන්ගෙ අම්මා කරල තියන්නෙ මොකක්ද කියලා කැසීගෙ හිතේ ලොකු ප්‍රශ්ණයකුත් ඉතිරි කරලා තමයි කතාව ඉවර උනේ.
තමන්ගේ අම්මට ඔය වගේ බරපතල චෝදනාවක් කළාම ඉවසන්න පුලුවන් කාටද? ඒ නිසාම කැසී තීරණය කරනවා හෙදර් බාන්ස් හොයන්න. ඉතින් ඒ කතාව තමයි මේ කොටසෙදි දිගහැරෙන්නේ. පල්ලෙහා තියන වීඩියෝ එකත් බලලම ඉන්නකෝ. මේ කොටස ගැන දල අදහසක් ඒකෙන් ගන්න පුලුවන්.
වෙනද වගේම ඩිරෙක්ට් ලින්ක් එකටයි ටොරන්ට් ෆයිල් දෙකකටයි වෙන වෙනම උපසිරසි දාල තියන්නේ. ඒ කියන්නේ කාල දත්ත එකිනෙකට වෙනස් උපසිරසි ගොනු 3 ක් නිකුත් කරලා තියෙනවා. මම නිර්දේශ කරන්නේ ඩිරෙක්ට් ලින්ක් එක. මොකද බර අඩුයි. ටී.වී එකේ බලන අයට නම් ටොරන්ට් ෆයිල් ගන්න එක පහසුයි.
හැමදාම වගේ අදත් පරිවර්තන කටයුතු සාර්ථක කරගන්න බෝඩිමේ හෂාන් අයියගෙන් ලොකු සහයෝගයක් ලැබුනා. ඒ සම්බන්ධව ගොඩක් ස්තුතියි. නිකම්ම උපසිරසිය අරන් යන්නේ නැතුව හොඳ නරක කියලා කමෙන්ටුවක් දාල යන්න කියලත් ඉල්ලා සිටිනවා. ඔයගොල්ලන්ට මේක හදලා දීලා අන්තිමට මට ඉතුරු වෙන්නේ එච්චරයිනේ. හොඳ නරක ගල් මුල් ඕන දෙයක් බාර ගන්නවා.
ප.ලි. - ඩිරෙක්ට් ලින්ක් ඉවත්කර ඇති බැවින් jumbofiles ලින්ක්ස් වලට යාවත්කාලීන කරන ලදී.



350MB Torrent Link එක මෙතනින් ගන්න 

සිංහල උපසිරසි පහත සබැඳියන්ගෙන් බාගන්න

මෙම උපසිරැසි ගොනුවෙහි සම්පූර්ණ කර්තෘ අයිතිය චතුර බුද්ධික සතුය. කර්තෘ විසින් මෙය ඔබට "නොමිලයේ" නිකුත් කර ඇත. එබැවින් මෙම ගොනුවෙහි මොනයම් අයුරකින් හෝ සංස්කරණ කටයුත්තක් කිරීම, සමකාලික කිරීම සහ කර්තෘගේ අනවසරයෙන් වෙනත් වෙබ් අඩවියක පලකිරීම සදාචාරසම්පන්න නොවේ. ඔබගේ වීඩියෝ ගොනුව සමඟ ‍මෙම උපසිරැසි නිවැරදිව දර්ශණය නොවේ නම් කර්තෘ සමඟ සම්බන්ධ වීමෙන් අවශ්‍ය සංස්කරණ කටයුතු සිදුකරගත හැක.
E-Mail - chathu.buddi@gmail.com
Facebook - facebook.com/chathura.buddika

ප.ලි. කලින් පෝස්ට් එකට කුණුහරපෙන් කමෙන්ට් එකක් දාලා තමන්ගෙ පහත් සමාජ මට්ටම ප්‍රදර්ශණය කරගත්තු පුද්ගලයට කියන්න තියන්නේ ඔබ වගේ අය මේ පැත්තේ නේන තරමට හොඳයි. උපසිරසියක් දෙන්න චුට්ටක් ප්‍රමාද උන එකට පැත්තක ඉන්න මගේ අහිංසක අම්මට බැනලා වැඩක් නැති බව ඔබ වැනි වසලයින් තේරුම් ගන්නෙ නැති එකයි මට තියන දුක.
Secret Circle Season 01 Episode 04 Sinhala Subtitle Secret Circle Season 01 Episode 04 Sinhala Subtitle Reviewed by Unknown on 1:40 PM Rating: 5

14 comments

  1. බොහොම තුති...මේක දෙනකම් බලාගෙන උන්නේ...
    ජයෙන් ජය~!

    ReplyDelete
  2. ඒත් මං බැලුව මොකද මේ පරක්කු කියල.....
    දිගටම මේ වැඩේ කරගෙන යමු සහෝ.
    ජය.....

    ReplyDelete
  3. Thanks machan. ara comment eka dammata sorry. Man umba hondatama adurana yaluwek. Poddak mathak karala balapan. Umbe hitha riduna nam samaweyan. Umba mata karapu dewal umbe hitha dannawane. Dan okkoma iwarai. Man amathaka kala. Hondata blog eka karagena yaman. :)

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි පහත් පෙලේ යහලුවන් මා හට නැත. හොඳටම අඳුරනවා නම් කුණුහරප කමෙන්ට් දමනවාට වඩා ඇවිත් මා හමුවීම වඩා සුදුසුය. එවිට ඉවර වූ දෙයත් අමතක කළ දෙයත් කුමක්දැයි අසා දැනගත හැකිවා මෙන්ම තමුන්ගේ පහත් සමාජ මට්ටම මෙවැනි පොදු ස්ථාන වල ප්‍රදර්ශණය වීමද සිදුනොවේ. කෙසේ නමුත් පසුගිය දිනෙක ඔබ විසින් ආමන්ත්‍රණය කර තිබූ වචනය වඩාත් උචිත වන්නේ මටද එසේත් නැතිනම් අනන්‍යතාවය සඟවා ඇනා කමෙන්ටු දමමින් “කොන්ද පණ නැති වැඩ“ කරනා ඔබටද යන්න ඕනෑම මෝඩයෙකුට පහසුවෙන් වටහාගත හැක.

      Delete
  4. මේ බ්ලොග් එකට Follow බොත්තම දාන්න. එතකොට මේක ප්‍රිය කරන අයට ෆලෝ පාරක් දැම්මම තමන්ගෙ රීඩරෙට ඇතුළත් කරගෙන වෙලාව තියෙන කොට කියවන්න පුඵවන්.

    ReplyDelete
  5. Direct link eka waradine saho. eke thiyenne 3n weni kotase link ekane... :'(

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ලක්මාල් සහෝ. නිවැරදි කලා.

      Delete
  6. හම්මේ... මේක දාලද බලන්න මම 4,5 පාරක්ම ඇවිත් ගියා.. අද මාර සතුටුයි.. බොහොම ස්තුත්යි බුද්ධි.. හැම තැනම film දුන්නට TV series දෙන්නෙ ඔයා විතරනේ...ඔන්න ගොඩා...........ක් පිo...

    ReplyDelete
  7. බොහොම ස්තුතියි සහෝ හදිස්සිය වැඩිකමට ඇවිල්ල දැනට ගිහිල්ල තියෙන ඔක්කොම කොටස් ටික බැලුවා.. එත් ඔයාගේ සබ් එකත් බාගන්නවා.. තව සති දෙකකින් පලවෙනි කතා මාලාව ඉවරයි.. දෙවෙනි කතා මාලාව ලඟදිනම් එන්නේ නැති පාටයි..

    ReplyDelete
  8. jayaweawa....me wede digatama karaganayanna.mage unusum suba oathum.jayaweawa....

    ReplyDelete
  9. එල මචෝ.. මේක ෆලෝ කරන්න විදියක් නැද්ද??

    ReplyDelete
  10. මචං මේක කැන්සල් කරාලු නේද?ආයෙ වෙන සීසන් එකක් එන්නෙ නෑලු නේ?මේක වෙනුවට ගොසිප් ගර්ල් වෙනස් කරල දානවලු..පිස්සු යක්කු

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් ABC Family එකෙන් Season 2 ගන්න කතාවක් තියනවා. බලමුකෝ

      Delete
  11. fringe seson 2 ake ituru sub

    ReplyDelete