Secret Circle Season 01 Episode 03 Sinhala Subtitle



අද මේ උදේ පාන්දර හදිස්සියට දෙන්න හදන්නේ අපේ කතා මාලාවේ තුන්වන කොටස. ඊයෙ රෑ එලිවෙනකම් පරිවර්තනය කරලා ඔන්න දැන් ටිකකට කලින් තමා ඉවර උනේ. කලින් කොටස් බලපු නැති කවුරුවත් ඉන්නවා නම් පලවෙනි කොටස මෙන්න මෙතනිනුත් දෙවන කොටස මෙන්න මෙතනිනුත් අරන් බලන්න පුලුවන්. ෆේයිගේ අම්මා හෙන්රිව මරලා දාපු හැටිත්, ෆේයි තමන් අතින් වෙන්න ගියපු වැරැද්දෙන් නූලෙන් බේරුන හැටිත්, අවසානයේ සියලුමම දෙනා කවයට බැඳෙන්න එකඟ වුන හැටිත් මතක ඇතිනේ...
කවයට බැඳිච්ච ෆේයි පත්වෙන්නෙ හරිම අපහසුතාවයකට. මේ අතරේ සැක්රි ලාසන් කියන පුද්ගලයත් කැසී පස්සෙ පන්නන්න ගන්නවා. ඉතින් ඒ ගැන වැඩි විස්තර දැනගන්න නම් ඔයාලට මේ කොටසත් බලන්න වෙනවා.
උපසිරසියේ පේලි 700කට අධික සංඛ්‍යාවක් තිබුනා. අනික මේ අඩු සයිස් කොපියට හරියන උපසිරසියකුත් අන්තර්ජාලෙට තවමත් එක් කරලා තිබුනේ නෑ. ඉතින් ඊට ලඟින් යන උපසිරසියක් අරන් කාල දත්ත මුල ඉඳලම ආයෙත් හැදුවා. සතියක් ඇතුලත උපසිරසිය සම්පූර්ණ කරගන්න ඇත්තටම ලොකු කට්ටක් කන්න උනා. මේ සැරේ අනෙකුත් පිටපත් වලට (350MB කොපියට) උපසිරසි නිකුත් කරන්න බැරි වුනෙත් ඒකයි. වෙලාව තියන විදියට පස්සේ ඒකත් යාවත්කාලීන කරන්න බලන්නම්.
මේ සැරේ ඩිරෙක්ට් ලින්ක් එකෙයි ටොරන්ට් එකෙයි තියන්නේ එකම කොපිය. ටොරන්ට් එකේ පලවෙනි කොටසේ ඉඳන් පස්වන කොටස දක්වා ඔක්කොම තියනවා. තුන්වත කොටස පමණක් තෝරලා බාගන්න. මම නම් නිර්දේශ කරන්නේ ඩිරෙක්ට් ලින්ක් එකෙන් බාගන්න. කිසි කරදරයක් නෑ. ක්ලික් කර ගමන් බෑවෙනවා. නතර කරකර බාන්නත් පුලුවනි.
වැඩේ සාර්ථකව ඉවර කරගන්න බෝඩිමේ හෂාන් අයියගෙනුත් ලොකු සහයක් ලැබුනා. ඒ සම්බන්ධයෙන් ගොඩක් ස්තුතියි. නිකම්ම උපසිරසිය අරන් යන්නේ නැතුව හොඳ නරක කියලා කමෙන්ටුවක් දාල යන්න කියලත් ඉල්ලා සිටිනවා. මොකද ඉතින් මේ දේ සතියක් මහන්සි වෙලා කලයි කියලා මට ලැබෙන එකම දේ ඔයාලගෙ කමෙන්ට් එක විතරයි. ලබන සිකුරාදා නම් මට අවුරුදු නිවාඩු හේතුවෙන් ගෙදර යන්න වෙන හින්ද උපසිරසියක් නිකුත් කරන්න වෙන්නේ නෑ කියලා කණගාටුවෙන් උනත් කියන්න වෙනවා. ඒ වෙනුවට Fringe පලමු කතා මාලාවේ කොටස් 22ටම Direct Links දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊලඟ සිකුරාදා හම්බෙමු. හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක්.
ප.ලි. - ඩිරෙක්ට් ලින්ක් ඉවත්කර ඇති බැවින් jumbofiles ලින්ක්ස් වලට යාවත්කාලීන කරන ලදී.




මෙම උපසිරැසි ගොනුවෙහි සම්පූර්ණ කර්තෘ අයිතිය චතුර බුද්ධික සතුය. කර්තෘ විසින් මෙය ඔබට "නොමිලයේ" නිකුත් කර ඇත. එබැවින් මෙම ගොනුවෙහි මොනයම් අයුරකින් හෝ සංස්කරණ කටයුත්තක් කිරීම, සමකාලික කිරීම සහ කර්තෘගේ අනවසරයෙන් වෙනත් වෙබ් අඩවියක පලකිරීම සදාචාරසම්පන්න නොවේ. ඔබගේ වීඩියෝ ගොනුව සමඟ ‍මෙම උපසිරැසි නිවැරදිව දර්ශණය නොවේ නම් කර්තෘ සමඟ සම්බන්ධ වීමෙන් අවශ්‍ය සංස්කරණ කටයුතු සිදුකරගත හැක.
E-Mail - chathu.buddi@gmail.com
Facebook - facebook.com/chathura.buddika
Secret Circle Season 01 Episode 03 Sinhala Subtitle Secret Circle Season 01 Episode 03 Sinhala Subtitle Reviewed by Unknown on 9:29 AM Rating: 5

11 comments

  1. සුපිරි ආ.....
    මේක දෙනකම් බලාගෙන උන්නේ...
    නියමයි කලින් කතා 2 ක ...
    ඉස්සරහට වැඩේ දිගටම කරගෙන යන්න සුබ පතනවා....
    ජයෙන් ජය~!

    ReplyDelete
  2. නියමයි මචං ......

    දිගටම කර ගෙන යමු ...

    ජය වේවා !......

    ReplyDelete
  3. meka ela wedak digatama karagana yanna. thanx.

    ReplyDelete
  4. එල එල මචං
    ඔහොම යමන්

    ReplyDelete
  5. ඔයාගේ මහන්සිය අපතේ යන්නෙ නැහැ චතුර. ඒ හින්ද ඔයා දිගටම මේ වැඩේ කරන්න. අපි ඉන්නව සහයක් දෙන්න. ඒ වගේම පුළුවන් නම් මේ බ්ලොග් එක දැනට තියෙන සින්ඩි කීපයකටත් එකතු කරන්න බලන්න. එතකොට තව කට්ටිය මේ බ්ලොග් එක ගැන දැන ගෙන මේකෙන් ප්‍රයෝජනයක් ගනියි වගේම ඔයාට හොඳ සහයකුත් දෙයි.
    ජය......

    ReplyDelete
  6. බොහොම ස්තුති මචන්.. මම හන්දිස්සියට Episode 18 ම බැලුවා.. සබ් එක්ක අයි බලන්න ඕනේ..

    ReplyDelete
  7. shaaaaa.. adamai dakke me site eka.. pattaaaa.. digatama wade karagena yamu.. onna mama book mark karagaththa.. magen suba pathummmm

    ReplyDelete
  8. කෝ කෝ.. අපි බලන් ඉන්නවෝ..........

    ReplyDelete
  9. jayaweawa....me wede digatama karaganayanna.mage unusum suba oathum.jayaweawa....

    ReplyDelete