Secret Circle Season 01 Episode 05 Sinhala Subtitle

 
කලින් කතා බලපු නැති අයට පලමු කතාව මෙතනිනුත්, දෙවන කතාව මෙතනිනුත්, තුන්වන කතාව මෙතනිනුත් හතරවෙනි කතාව මෙතනිනුත් බලන්න පුලුවන්. කලින් කතාවෙදි කැසී හෙදර් බාන්ස්ව හොයාගෙන ගියපු හැටිත්, හෙදර්ට කරල තිබුන මායාව ඉවත් කරන්න ෆේයි උදව් කරපු හැටිත් කට්ටියටම මතක ඇතිනේ. අන්තිමටම හෙදර් මැරුණා. කතාවේ අන්තිම ටික හොඳට බැලුවා නම් හෙදර්ට ආවේශ වෙලා හිටපු අමනුෂ්‍යයා මෙලීසාට ආවේශ වෙන හැටි බලන්න පුලුවන්. දැක්කෙ නැත්තන් ආයෙත් බලන්ට. ඉතින් එතන ඉඳන් කතාව තමයි පස්වන කොටසේ තියන්නේ.
මෙලීසගෙ හැසීරීම වෙනදට වඩා අමුතු බව මුලින්ම දැනෙන්නේ නික්ට. මොනා උනත් නික් මෙලීසට හැම දේටම උදව් කරනවා. ආදරේ අන්ධයි කියනවනේ. මෙලීසා අරන් එන්නේ අමුතුම ආරංචියක්. ඒ තමයි ඇගේ අඳුරු මායා පොත හම්බුනා කියන එක. ඒ අතරේ ඩයන සහ ඇඩම් එයාලගෙ ඈත් වෙච්ච සම්බන්ධතාවය ආයෙත් ගොඩ නඟාගන්න උත්සාහ කරනවා. අන්තිමටම හැමදේම වෙනස් වෙන්න ගත වෙන්නේ එක මොහොතක් විතරයි. කතාව ඩවුන්ලෝඩ් වෙන අතරේ ඔය පහල තියන වීඩියෝ එකත් බලන්නකෝ.
වෙනද වගේම ඩිරෙක්ට් ලින්ක් එකටයි ටොරන්ට් ෆයිල් දෙකකටයි වෙන වෙනම උපසිරසි දාල තියන්නේ. මම නිර්දේශ කරන්නේ ඩිරෙක්ට් ලින්ක් එක. මොකද බර අඩුයි. දැනටමත් ටොරන්ට් වලින් කතාව ඩවුන්ලෝඩ් කරලා තියන අයට ඒකට හරියන උපසිරසි 2කුත් කියනවා. WEB-DL කොපියට නම් උපසිරසි දැම්මේ නෑ. ඒකේ ටොරන්ට් එකේ සීඩර්ස්ලා නැහැ.
කතාවේ blood moon එහෙම නැත්නම් රක්ත පුර හඳ කියලා වචනයක් කියවෙනවා. ඇත්තටම රතු පාටට හඳ පායන දවස් තියනවලු. මම නම් ඒක දැනගත්තේ ඔය උපසිරසිය දාන්න ගිහිල්ලම තමයි. කැමති කට්ටිය විකිපීඩියා එකේ බලන්න. blood moon ගැන හොඳ විස්තරයක් ඒකේ තියනවා. ඉතින් නිකම්ම උපසිරසිය අරන් යන්නේ නැතුව හොඳ නරක කියලා කමෙන්ටුවක් දාල යන්න කියලත් ඉල්ලා සිටිනවා. හොඳ නරක ගල් මුල් ඕන දෙයක් බාර ගන්නවා.
ප.ලි. - ඩිරෙක්ට් ලින්ක් ඉවත්කර ඇති බැවින් jumbofiles ලින්ක්ස් වලට යාවත්කාලීන කරන ලදී.



350MB Torrent Link එක මෙතනින් ගන්න 

සිංහල උපසිරසි පහත සබැඳියන්ගෙන් බාගන්න

මෙම උපසිරැසි ගොනුවෙහි සම්පූර්ණ කර්තෘ අයිතිය චතුර බුද්ධික සතුය. කර්තෘ විසින් මෙය ඔබට "නොමිලයේ" නිකුත් කර ඇත. එබැවින් මෙම ගොනුවෙහි මොනයම් අයුරකින් හෝ සංස්කරණ කටයුත්තක් කිරීම, සමකාලික කිරීම සහ කර්තෘගේ අනවසරයෙන් වෙනත් වෙබ් අඩවියක පලකිරීම සදාචාරසම්පන්න නොවේ. ඔබගේ වීඩියෝ ගොනුව සමඟ ‍මෙම උපසිරැසි නිවැරදිව දර්ශණය නොවේ නම් කර්තෘ සමඟ සම්බන්ධ වීමෙන් අවශ්‍ය සංස්කරණ කටයුතු සිදුකරගත හැක.
E-Mail - chathu.buddi@gmail.com
Facebook - facebook.com/chathura.buddika
Secret Circle Season 01 Episode 05 Sinhala Subtitle Secret Circle Season 01 Episode 05 Sinhala Subtitle Reviewed by Unknown on 6:12 AM Rating: 5

10 comments

  1. ඔන්න අපිත් ගත්තා...
    තව තවත් උපසිරස යොදන්නට ශක්තිය ලැබේවා සොයුර...

    ජයෙන් ජය~!

    ReplyDelete
  2. Thnxxx LOT SUB AKATA :)

    ReplyDelete
  3. බොහොම ස්තුතියි සහෝ.. මේ ඉපිසොඩ් එක පට්ට.. ඩිමනස්ලා ගැන මතක් වෙද්දීත් අප්පිරියයි.. නික්ගේ ආත්මය මැරෙනවා නික්ගේ අයියා ජේක් කතාවට එනවා..

    ReplyDelete
  4. වටිනව කොල්ලො...
    බොහොමත්ම ස්තූතියි.......

    ReplyDelete
  5. aa maXXxxxXXa... umba nam digatama wade karagena yanawa wage.. ela dairyawantha kollek.. (y)..bohoma sthuthyi sub ekata.. obata bohoma pin.

    ReplyDelete
  6. maxxxa wadak mey set akatama sub denna machn

    ReplyDelete
  7. මේ වැඩේ නම් නියමයි සහෝ... ගොඩක් ස්තුතියි... බ්ලොග් එකට friends connect විජට් එකක් දාගත්තොත් හොඳයි නේද ? ජය !!!

    ReplyDelete
  8. ඒලකිරි...කොමඩිත් දාපන්...

    ReplyDelete
  9. ඒ කෝ බං මේකෙ අර පස්සෙන් එලවන්න තියෙන මෙව්වා එක?

    එළ එළ ඈ.ඊළඟ එපිසෝඩ් එක එනකං දත මැදගෙන බතුත් නොකා සිටිමි.මං අලුත් සාමාජික භවතෙකි.එනිසා ඇන්ඩ්/ඕර් නමුත්,(Bcoz and/or but)මේක නොඅසාම බැරිය.
    මං මොකෝ බං උඹෙ බ්ලොග් එක දකින්න මෙච්චර පරක්කු උනෙ???
    ආ මං කියන්නමයි හිටියෙ.මං ලඟත් ටී.වී සීරීස් ටිකක් තියේ.ඒ ගැනත් මොනවහරි කරමුද?
    Like house md,prison break,mortal kombat legacy,lost,vampire diaries,macgyver.knight rider2,robin hood,game of thrones,ocean girl,spartacus..................

    ReplyDelete