Secret Circle Season 01 Episode 06 Sinhala Subtitle



කලින් කතා බලපු නැති අයට පලමු කතාව මෙතනිනුත්, දෙවන කතාව මෙතනිනුත්, තුන්වන කතාව මෙතනිනුත් හතරවෙනි කතාව මෙතනිනුත් පස්වෙනි කතාව මෙතනිනුත් බලන්න පුලුවන්.
ඉතින් මතකද කතාව? නික් මැරුණනේ. නික්ගේ මළගෙදර ගැන තමයි අද කතාව. නික් වෙනුවෙන් නික්ගේ මළගෙදර පවත්වන එක ඇඩම්ලගෙ ගෙදරින් ඒ කියන්නේ බෝට් හවුස් එකෙන් බාරගන්නවා. ඒත් නික්ගේ අයියා ජේක් තමන්ගේ මල්ලිගේ මළගෙදරට එන එකත් එක්ක හැමදේම කණපිට හැරෙනවා. ඔය අතරේ දැන් නික් වෙනුවට කවයට අයිති වෙන්නේ ජේක් බව කැසී එයාගෙ අත්තම්මගෙන් දැනගන්නවා. කතාවේ අන්තිමේදී ඩයනගේ ජීවිතෙත් අලුත් පිටුවක් පෙරලෙනවා. ඉතින් ජේක්ගේ කතාව සිංහල උපසිරසිත් එක්ක බලලම දැනගන්න කියලා හැමෝටම ආරාධනා කරන්නම්කෝ. ඩවුන්ලෝඩ් වෙන අතරේ ඔය පහල තියන වීඩියෝ එකත් බලන්නකෝ.
වෙනද වගේම ඩිරෙක්ට් ලින්ක් එකටයි ටොරන්ට් ෆයිල් වලටයි වෙන වෙනම උපසිරසි දාල තියන්නේ. මම නිර්දේශ කරන්නේ ඩිරෙක්ට් ලින්ක් එක. මොකද බර අඩුයි. දැනටමත් ටොරන්ට් වලින් කතාව ඩවුන්ලෝඩ් කරලා තියන අයට ඒකට හරියන උපසිරසිත් කියනවා.
උපසිරසි ගන්වද්දි හරිම අපහසුතාවයකට පත් උනේ. ඒ තමයි මරණයකින් පස්සේ පවත්වන wake කියන උත්සවේට සිංහලෙන් වචනයක් හොයාගන්න බැරිවෙච්ච එක. මොකද එහෙම උත්සවයක් අපේ සංස්කෘතියේ නැති නිසා එහෙම වචනෙකුත් නෑ මම දන්න තරමින්. අන්තිමේදි මලගෙය කියලා තමයි පරිවර්තනය කලේ. ඒක හරියන්නේ නෑ තමා. මොකද මළගෙදර නම් මිනිය තියන්න එපැයි. ඒත් wake කියන උත්සවේ තියන්නේ මිනිය වලදැම්මටත් පස්සේ. ඕකට හරියන සිංහල වචනයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියලා යන්න මටත් දැනගන්න එක්ක.
නිවැරදි පරිවර්තනයක් හදාගන්න උදව් දීපු හෂාන් අයියට බොහොම ස්තුතියි. ඉතින් නිකම්ම උපසිරසිය අරන් යන්නේ නැතුව කමෙන්ට් එකක් දාලා හොඳ නරක අදහස් උදහස් කියලා යන්න කියලා ඉල්ලා හිටිනවා. ඒවා තමයි මට වටින්නේ.
ප.ලි. - ඩිරෙක්ට් ලින්ක් ඉවත්කර ඇති බැවින් jumbofiles ලින්ක්ස් වලට යාවත්කාලීන කරන ලදී.

මෙම උපසිරැසි ගොනුවෙහි සම්පූර්ණ කර්තෘ අයිතිය චතුර බුද්ධික සතුය. කර්තෘ විසින් මෙය ඔබට "නොමිලයේ" නිකුත් කර ඇත. එබැවින් මෙම ගොනුවෙහි මොනයම් අයුරකින් හෝ සංස්කරණ කටයුත්තක් කිරීම, සමකාලික කිරීම සහ කර්තෘගේ අනවසරයෙන් වෙනත් වෙබ් අඩවියක පලකිරීම සදාචාරසම්පන්න නොවේ. ඔබගේ වීඩියෝ ගොනුව සමඟ ‍මෙම උපසිරැසි නිවැරදිව දර්ශණය නොවේ නම් කර්තෘ සමඟ සම්බන්ධ වීමෙන් අවශ්‍ය සංස්කරණ කටයුතු සිදුකරගත හැක.
E-Mail - chathu.buddi@gmail.com
Facebook - facebook.com/chathura.buddika
Secret Circle Season 01 Episode 06 Sinhala Subtitle Secret Circle Season 01 Episode 06 Sinhala Subtitle Reviewed by Unknown on 6:00 PM Rating: 5

22 comments

  1. බොහොම තුති සහෝ
    ජය වේවා~!

    ReplyDelete
  2. ස්තුතියි සහෝ.

    ReplyDelete
  3. බොහොම ස්තුතියි...

    ReplyDelete
  4. ela ela.. uba nam niyamai machan.. wade digatama wagakeemen karagena ynawa.... jayawewa.!!! bohoma pin

    ReplyDelete
  5. ඉස්සෙල්ලම මෙය වගේ කතාවක් ගැන දැනුවත් කරලා sub දුන්නට thanks සහෝ.......... මටනම් කතාව එකදිගටම බලන යන්ඩ අසා නිසා මම කතාව කලින්ම download කරගෙන බැලුවා. sub එක අපුවහම අයෙ බලනවා. මේකේ mkv file ටික හොයාගන්ඩ මාරම කට්ටක් කෑවා. සොයන්නාට හම්බවේ කියනවනේ ........මමත් යන්න්තම් 150mb විතර size එකේ mkv direct links හොයා ගත්ත මෙන්න link එක මම වගේම අසා උන් බාගෙන බලන්න. http://www.200mbmini.info/2012/01/secret-circle-season-1-ongoing.html
    මේ වගේ කතාවක් බලන්න sub දෙන ඔයාට මගේ ප්‍රණාමය........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  6. දිගටම මේ වැඩේ කරගෙන යමු සහෝ......... ජයෙන් ජය....

    ReplyDelete
  7. බොහොම ස්තුතියි

    ReplyDelete
  8. cant download direct link
    -SZ-

    ReplyDelete
    Replies
    1. යාවත්කාලීන කර ඇත.

      Delete
  9. thx..u knw what happen to previous links?
    and new link is little bit less quality hwever..bt thx anyway..keep up good wrk.
    got suggestion,can u share mediafire links if u can?jumbofiles is troublesome

    -SZ-

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ ලින්ක් ගත්තම ඕක තමා වැඩේ. ඊලඟ එපිසෝඩ් එකේ ඉඳන් මමම අප්ලෝඩ් කරනවා. මීඩියාෆයර් හරි ඩ්‍රොප්බොක්ස් හරි තමයි දාන්නේ. එතකොට ලින්ක් නැතිවෙන්නේ නෑනේ.

      Delete
  10. දිගටම ඔය වැඩේ කරගෙන යමු සහෝ...............

    ReplyDelete
  11. ඉතුරු ටිකත් දාන්නකො...

    ReplyDelete
  12. 07 හි සබ් ගන්න බැහැ ... එතනින් පස්සේ සබ් නැති ද .......

    ReplyDelete
  13. machan meke sub eka ganna baaa,,link dennooooooo

    ReplyDelete
  14. lINK 1K WEDAKARANNE NEEEEEEEEEEEEEEEE

    ReplyDelete
  15. lINK 1K WEDAKARANNE NEEEEEEEEEEEEEEEE

    ReplyDelete